සිත

 වස්තුවකි නුඹ

අරුම පුදුම

මිනිස් සිරුරෙහි

සිරවුණු,

මොහොතක් මොහොතක්

පාසා නුඹ හිස් ලූ ලූ අත

දිව ගියේ ය

විටෙක සතුටක්

විටෙක කදුළක්

දිවියට ගෙන ආවේ ය

අවසන්  හුස්ම

වා තලයට

මුසු වන මොහොතේ 

මේ ශරීර  කූඩුව

අතැර  දමා

වෙනත් සිරුරක 

වෙළෙන්නේ ය.











Comments

Post a Comment

Popular posts from this blog

ගුරුතුමනි,

කාලය

මගේ සිහිනය.