Posts

Showing posts from January, 2022

සොබාදහම

 විටෙක ඈ කෙතරම්  නිසසල ද මානව  පැතුමන්  අවදි කරවන, විටෙක  ඈ කෙතරම්  කුරිරු ද මානව හැගුමන් කඩා බිද දමන, ඈ මෙතරම්  සැහැසි වන්නට වරද කෙරුවේ, කවුරුන් ද ඒ වෙන කිසිවෙකු  නොව මානව ප්‍රජාවම වනු ඇත.

සරසවියට පා තබන්නට වරම් ලැබෙන්නේ කවදා ද?

 පෙර පාසල්  වියේ පටන් පඩියෙන් පඩිය පා තබමින් පියමං කළේ, සරසවි හිනි පෙත්ත වෙතයි. එකී හිනි පෙත්තට නැග, ජීවිතයේ, නියම රස විදින්නට මං පෙත් විවරව ඇත. නමුදු, කොවිඩ්  මාරයා එකී සිහිනය අකාලයේ උදුරා ගෙන  ඇත. පොදි බැදගත් සිහින සියල්ල  අකාලයේ, මියැදේවි ද? මා සිත පැණයක්  නගනු ඇත.

කාලය

 විනාඩියෙන්  විනාඩිය තත්පරයෙන්  තත්පරය කාලය ගෙවී යනු ඇත. උදාවන හැම තත්පරයක් විනාඩියක් ගානේම, අප පිවිසෙන්නේ, අලුත්  මොහොතක් වෙත ය. එබැවින් කාලය හැම විටම නව මං පෙතක් වෙත පිවිසෙන්නට, දොරටු  හරිනු ඇත.

පියාණෙනි,

 හය හතර නොතේරෙන  වියේ සිට, කවා පොවා, නහවා, මවක් මෙන් අපව තනන්නට ගත් වෙහෙස, අපමණ ය. සැමදා සිතුවේ, ඔබ සමග සතුටින් කල් ගෙවන්නට ය. නමුදු  එකී පැතුමන්, දෑස පෙනෙන මානයේ බොදව ගියේ, ගගට ඉනි කැපුවා සේ ය. යළි කිසිදා ඔබ නොඑනු ඇත. අපට සැළකූ එකී පින් මහිමයම ඔබට, හේතු  වේවා! නිවන් මග දකින්නට .

ගංඟාව

 කුඩා දිය දහරාවක්  ලෙස ඇරඹ, මහ ගල් පවුරු සිඳ බිඳ දමා ඇදී යන ගං කුමරිය කෙදිනක හෝ මහ සයුර  සිප ගැන්ම ඇගේ අරමුණ වනු ඇත. මෙයින්  සියලු මනු සතුනට ඈ උගන්වන  පාඩමක් ඇත. එනම්, යනු මැන ඔබේ ගමන කිසිදු බාධකයක නොනැවතී, නවතිනු මැන ඔබේ සිහිනය  අබියස .

මගේ සිහිනය.

 හැද සුදු රැළි ගවුම ගොතා කොණ්ඩ කරල් දෙක විදු බිමට පියමං කළ, ඒ කාලය කෙතරම් සොදුරු දැයි සිතෙනු ඇත දැන් සිහියට  නැගෙන  විට, නමුදු  විදු මව් තුරුළට සැරසී යන්නට නැවත කිසිදා වරම් නොලැබෙනු ඇත දිනෙක යමි ඈ දකින්නට  රැගෙන  තිලිණයක් අතැතිව ඒ සිසුන්  දහසකට නැණ පාදන ඇගේම  කුසින්ම බිහි වූ, ගුරු දියණියක් ලෙස.

දෙවෙන්දොරා සංට ලියමි

 ඔබ කෙදිනක හෝ මා දකින්නට ඒවි යන පැතුමෙන් මා තවමත් පෙරමං බලමි එදා සකුරා මල් පිපුණු මාවත දිගේ ඇවිද යද්දී , ඔබ මා සමග මිමිණූ වදන්  යළි යළිත්  මා දෙසවන් තුළ දෝංකාර දෙයි අපි කාලය ගත කළ, අවන්හල්  කෝපිහල් තවමත් බලා සිටින්නේ අප එනතුරු ය. නමුදු එකී සියල්ල කාලයාගේ  අවෑමෙන් වෙනස්ව ගොස් ය. නමුදු  තවමත්  මගේ සිත ඔබ වෙනුවෙන්  බලා සිටිනු ඇත.

සද්ධර්මරත්නාවලී කතු හිමියනි,

 පහන් පැයේ සිට ඉරගල වැටෙන තෙක් හේනේ,කුඹුරේ,කමතේ දහදිය හෙළන ගැමියා කිසිදා  මංමුළා නොකළෙකි ඔබ උපමා රූපක ඈදා ගැන්මට දෙව්ලොවට බඹලොවට පියමං නොකල ඔබ සැණින්  පිවිසියේ  ගැමි පැල්පත වෙතයි ගැමි සුවද ශ්‍රාවක නාස්පුඩු අගට දැනෙන්නට  සැලැස්වූ  ඔබ දේශීය බණකතාකරුවන් ආක්‍රමණය කළ ගැමි සිත්  තුළ සදා වැජඹෙන බණකතාකරුවෙකු වන්නේ ය

හැර යනු එපා අම්මේ ,

 අත මිට හිග වන විට, නුඹ සැරසුනේ යන්නට දුර රටකට  නමුදු එය  දරාගත නොහැකිය  මා හට තාත්තත් නොමැති අපට කාගේ පිළිසරණක් ද? විටින් විට පවසන විට ඔබට එය රිදෙනු ඇත ඔබෙ හදවත එබැවින් කිසිවක්  නොදොඩා හිදිමි සම සිතින්  ඉවසා හැඩූ කදුළින් ඔබ යන දෙස බලා තාත්ත්

ගොවිකම

 බාහු බලයෙන්  දහදිය වගුරවා ඔබ නිමවන  සහල ලොව කී දාහකගේ කුසගිනි නිවාලී ද? අද  කැරකෙන  පුටුවල හිද, බොහෝ ඈයෝ  උපයන වැටුප සත්තකින්ම උරුම විය යුත්තේ, අප වෙනුවෙන් දහදිය කදුළු කැප කරන ගොවියාට  නොවෙද?

හිමිදිරිය

 පෙර දවසට නිමාවක්, තවත් දවසක ඇරඹුමක්, සනිටුහන් කරනා හිමිදිරි  සොබාදහම්  මාතාවගේ,  ඇකයෙහි වෙසෙනා, ඇගේම දරුවනට නව ජීවයක්  සපයන හිමිදිරිය නව හැගුමන් පණ ගන්වමින්  මනුලොව වෙසෙනා, මනු සතුනට, පෙරමං තනනා හිමිදිරිය

සතුට

 විටෙක මිරිගුවකි අප හඹා යන, දුර ඈතක රැදුණු, ලබා  ගන්නට  තරමක් අපහසු ය විටෙක නිතැතින්ම  අප වෙත හඹා එනු ඇත.  බොහෝ  දෙනෙකු  මෙය ලබන්නට  නොනවතින අරගලයක  යෙදෙණු ඇත  ලැබුණු  හැම මොහොතේම සරදමක් ලෙසින්  එය ගිලිහී  යනු ඇත.

මව් පදවිය

 කුරිරු  සමාජය  ගැහැණියකගේ දිවියට  කෙතරම් සැහැසිකම් කළද , අමතක නොකළ  යුත්තක් ඇත්තේ ය එනම් ඈ ලොව ගෙත්තම් කළ, සිරුරේ රුධිරය  කිරි කළ , ලොව විද්වතුන්ට පැණයක් මතු කළ, අරුම පුදුම  මැව්ම්කාරියක් බව

වීදි සරන ගැහැණිය

 හය හතරක් නොතේරෙන  කුඩා අවදියෙ ම ඈ සිය මව්පියන්ගේ  ඇකයෙන් මිදුණා ය යා යුතු  මග නොයා යුතු මග  කියා දෙන්නට ඇයට  කිසිවෙකුත් නොවී ය යන එන මං හසරක් නොමැතිව ඈ සමාජය  නමැති  රුදුරු වැලි කතරේ තනි විය අහම්බෙන් ඈ සොයා ආ පෙම වියළි කතරට ක්ෂේම භූමියක් මෙන්  විය  කලක් ගතවත්ම  එකී ක්ෂේම භූමිය  ඈට අහිමි  විය දිනකට  ඇගේ අත පතා හය හත්දෙනෙකු  පැමිණියත් කිසිවෙකු  ඈ ළග නතර නොවී ය මෙවන් තැනකට ඈ ඇද දැමුවේ , කවුරුන් ද පැණයක් නැගෙනු ඇත

සිත

 වස්තුවකි නුඹ අරුම පුදුම මිනිස් සිරුරෙහි සිරවුණු, මොහොතක් මොහොතක් පාසා නුඹ හිස් ලූ ලූ අත දිව ගියේ ය විටෙක සතුටක් විටෙක කදුළක් දිවියට ගෙන ආවේ ය අවසන්  හුස්ම වා තලයට මුසු වන මොහොතේ  මේ ශරීර  කූඩුව අතැර  දමා වෙනත් සිරුරක  වෙළෙන්නේ ය.