වීදි සරන ගැහැණිය

 හය හතරක් නොතේරෙන 

කුඩා අවදියෙ ම ඈ

සිය මව්පියන්ගේ 

ඇකයෙන් මිදුණා ය

යා යුතු  මග

නොයා යුතු මග 

කියා දෙන්නට

ඇයට  කිසිවෙකුත්

නොවී ය

යන එන මං හසරක්

නොමැතිව ඈ

සමාජය  නමැති 

රුදුරු වැලි කතරේ

තනි විය

අහම්බෙන් ඈ

සොයා ආ පෙම

වියළි කතරට

ක්ෂේම භූමියක්

මෙන්  විය 

කලක් ගතවත්ම 

එකී ක්ෂේම භූමිය 

ඈට අහිමි  විය

දිනකට  ඇගේ

අත පතා හය

හත්දෙනෙකු 

පැමිණියත් කිසිවෙකු 

ඈ ළග නතර නොවී ය

මෙවන් තැනකට

ඈ ඇද දැමුවේ ,

කවුරුන් ද

පැණයක් නැගෙනු

ඇත






















Comments

Post a Comment

Popular posts from this blog

ගුරුතුමනි,

කාලය

මගේ සිහිනය.