දෙවෙන්දොරා සංට ලියමි

 ඔබ කෙදිනක හෝ

මා දකින්නට ඒවි

යන පැතුමෙන්

මා තවමත්

පෙරමං බලමි

එදා සකුරා මල්

පිපුණු මාවත

දිගේ ඇවිද

යද්දී ,

ඔබ මා සමග

මිමිණූ වදන් 

යළි යළිත් 

මා දෙසවන්

තුළ දෝංකාර දෙයි

අපි කාලය ගත

කළ,

අවන්හල්  කෝපිහල්

තවමත් බලා

සිටින්නේ අප

එනතුරු ය.

නමුදු එකී

සියල්ල කාලයාගේ 

අවෑමෙන් වෙනස්ව

ගොස් ය.

නමුදු  තවමත් 

මගේ සිත

ඔබ වෙනුවෙන් 

බලා සිටිනු

ඇත.























Comments

Popular posts from this blog

සිත

සරසවියට පා තබන්නට වරම් ලැබෙන්නේ කවදා ද?

කාලය