පියාණෙනි,

 හය හතර

නොතේරෙන 

වියේ සිට,

කවා පොවා,

නහවා,

මවක් මෙන්

අපව තනන්නට

ගත් වෙහෙස,

අපමණ ය.

සැමදා සිතුවේ,

ඔබ සමග සතුටින්

කල් ගෙවන්නට ය.

නමුදු  එකී

පැතුමන්,

දෑස පෙනෙන

මානයේ බොදව

ගියේ,

ගගට ඉනි

කැපුවා සේ ය.

යළි කිසිදා

ඔබ නොඑනු ඇත.

අපට සැළකූ

එකී පින් මහිමයම

ඔබට,

හේතු  වේවා!

නිවන් මග

දකින්නට .


















Comments

Popular posts from this blog

ගුරුතුමනි,

කාලය

මගේ සිහිනය.