ගංඟාව

 කුඩා දිය දහරාවක් 

ලෙස ඇරඹ,

මහ ගල් පවුරු

සිඳ බිඳ දමා

ඇදී යන

ගං කුමරිය

කෙදිනක හෝ

මහ සයුර 

සිප ගැන්ම

ඇගේ අරමුණ

වනු ඇත.

මෙයින්  සියලු

මනු සතුනට

ඈ උගන්වන 

පාඩමක් ඇත.

එනම්,

යනු මැන

ඔබේ ගමන

කිසිදු බාධකයක

නොනැවතී,

නවතිනු මැන

ඔබේ සිහිනය 

අබියස .
















Comments

Post a Comment

Popular posts from this blog

ගුරුතුමනි,

කාලය

මගේ සිහිනය.