මගේ සිහිනය.
හැද සුදු රැළි ගවුම
ගොතා කොණ්ඩ
කරල් දෙක
විදු බිමට පියමං
කළ,
ඒ කාලය
කෙතරම් සොදුරු දැයි
සිතෙනු ඇත දැන්
සිහියට නැගෙන
විට,
නමුදු විදු මව් තුරුළට
සැරසී යන්නට
නැවත කිසිදා
වරම් නොලැබෙනු
ඇත
දිනෙක යමි
ඈ දකින්නට
රැගෙන තිලිණයක්
අතැතිව
ඒ සිසුන් දහසකට
නැණ පාදන
ඇගේම කුසින්ම
බිහි වූ,
ගුරු දියණියක්
ලෙස.
Comments
Post a Comment