Posts

ගුරුතුමනි,

 බැමි පවුරු, වැට කඩොළු බිදලමින්, සාහිත්‍යය අඹරේ, සියොත් කැළක් මෙන් තටු සලමින්, නිදහසේ සරන්නට ඉඩ හසර සැලසූ, ගුරු පියාණෙනි , සාහිත්‍යයයේ සිසිල්  පවන් රැල්ලේ, නියම පහස විදින අයුරු  වටහා දෙන්නට ඔබ හැකි උපරිමයෙන් , උත්සුක වුණි. එලෙසින්ම තවත් සිසු කැළකගේ, නැණ පහන් දල්වන්නට, නිති  ශක්තිය, ලැබේවා ! ගුරුතුමනි, ඔබ හට.

සොබාදහම

 විටෙක ඈ කෙතරම්  නිසසල ද මානව  පැතුමන්  අවදි කරවන, විටෙක  ඈ කෙතරම්  කුරිරු ද මානව හැගුමන් කඩා බිද දමන, ඈ මෙතරම්  සැහැසි වන්නට වරද කෙරුවේ, කවුරුන් ද ඒ වෙන කිසිවෙකු  නොව මානව ප්‍රජාවම වනු ඇත.

සරසවියට පා තබන්නට වරම් ලැබෙන්නේ කවදා ද?

 පෙර පාසල්  වියේ පටන් පඩියෙන් පඩිය පා තබමින් පියමං කළේ, සරසවි හිනි පෙත්ත වෙතයි. එකී හිනි පෙත්තට නැග, ජීවිතයේ, නියම රස විදින්නට මං පෙත් විවරව ඇත. නමුදු, කොවිඩ්  මාරයා එකී සිහිනය අකාලයේ උදුරා ගෙන  ඇත. පොදි බැදගත් සිහින සියල්ල  අකාලයේ, මියැදේවි ද? මා සිත පැණයක්  නගනු ඇත.

කාලය

 විනාඩියෙන්  විනාඩිය තත්පරයෙන්  තත්පරය කාලය ගෙවී යනු ඇත. උදාවන හැම තත්පරයක් විනාඩියක් ගානේම, අප පිවිසෙන්නේ, අලුත්  මොහොතක් වෙත ය. එබැවින් කාලය හැම විටම නව මං පෙතක් වෙත පිවිසෙන්නට, දොරටු  හරිනු ඇත.

පියාණෙනි,

 හය හතර නොතේරෙන  වියේ සිට, කවා පොවා, නහවා, මවක් මෙන් අපව තනන්නට ගත් වෙහෙස, අපමණ ය. සැමදා සිතුවේ, ඔබ සමග සතුටින් කල් ගෙවන්නට ය. නමුදු  එකී පැතුමන්, දෑස පෙනෙන මානයේ බොදව ගියේ, ගගට ඉනි කැපුවා සේ ය. යළි කිසිදා ඔබ නොඑනු ඇත. අපට සැළකූ එකී පින් මහිමයම ඔබට, හේතු  වේවා! නිවන් මග දකින්නට .

ගංඟාව

 කුඩා දිය දහරාවක්  ලෙස ඇරඹ, මහ ගල් පවුරු සිඳ බිඳ දමා ඇදී යන ගං කුමරිය කෙදිනක හෝ මහ සයුර  සිප ගැන්ම ඇගේ අරමුණ වනු ඇත. මෙයින්  සියලු මනු සතුනට ඈ උගන්වන  පාඩමක් ඇත. එනම්, යනු මැන ඔබේ ගමන කිසිදු බාධකයක නොනැවතී, නවතිනු මැන ඔබේ සිහිනය  අබියස .

මගේ සිහිනය.

 හැද සුදු රැළි ගවුම ගොතා කොණ්ඩ කරල් දෙක විදු බිමට පියමං කළ, ඒ කාලය කෙතරම් සොදුරු දැයි සිතෙනු ඇත දැන් සිහියට  නැගෙන  විට, නමුදු  විදු මව් තුරුළට සැරසී යන්නට නැවත කිසිදා වරම් නොලැබෙනු ඇත දිනෙක යමි ඈ දකින්නට  රැගෙන  තිලිණයක් අතැතිව ඒ සිසුන්  දහසකට නැණ පාදන ඇගේම  කුසින්ම බිහි වූ, ගුරු දියණියක් ලෙස.